කුරුණෑගල හිතූ හිතූ තැන්වල ආයේ මේවා කරන්න බෑ
කුරුණෑගල දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලය අද (28) පැවැති රැස්වීමේදී, පෞද්ගලික අවශ්‍යතා හේතුවෙන් අලුත් විහාරස්ථානයක් හෝ දහම් පාසලක් ඉදි කිරීම සඳහා අවසර නොදෙන ලෙස තීරණය කර තිබේ.
මෙම රැස්වීම තුළ සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි, ලේඛකාධිකාරී වඩුගෙදර සාරානන්ද නා හිමි සහ දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රැස්වීමේදී, සමාජයේ යම් ගැටුම් සහ අවුල් ඇති කිරීමේ හැකියාවක් ඇති ආකාරයට අලුත් වාහන, විහාරස්ථාන හෝ දහම් පාසල් ඉදි නොකිරීම සිදු කල යුතු බව යෝජනා කරන ලදී.
මෙම යෝජනාව, දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ කමිටු රැස්වීමේදී, ලේකම් සහ සභාපතිවරුන් සමඟ දිස්ත්‍රික්කයේ සමායෝජක නිලධාරීන් විසින් ඒකමතිකව අනුමත කර ඇත.
එමෙන්ම, දේශපාලකයන් විසින් විහාරස්ථානවල සහ සංඝයා වහන්සේලාට චෝදනා සහ විවේචන කිරීමේ සිදුවීම් පිළිබඳ අවධානයට ගෙන, වර්තමාන රජයේ මැදිහත් වීමෙන් සමාජය තුළ බෞද්ධ ප්‍රබෝධයට ඇති කිරීමට යම් තීරණ ගැනීමට යොමු විය යුතු බව ද සලකන ලෙස එකඟතාවයක් ඇති කර තිබේ.