ආයෙත් ප්ලෑන් කරලා රටේම කරන්ට් කපයි ද? සිව්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව ගැනත් තීරණයක්

Report

ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම, කාලගුණික පුරෝකථන අනුව මේ වසරේ සිව්වැනි කාර්තුවේදී (ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්) ජල විදුලි බලාගාරවලින් විදුලිය නිපදවීමට සැලසුම්කර ඇති බව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව එම සමාගම සඳහන් කර ඇත්තේ ජල විදුලි බලාගාරයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේදී වියදම ශත දශම ගණනක් වූවත්, තාප විදුලිගාරයකින් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 55 ත් 60 ත් අතර මුදලක් වැයවන බවයි.

එමෙන්ම විදුලි බිල අය ක්‍රමය වසරකට සිව් වතාවක් වෙනස් වන බවත්, එය කාර්තු ලෙස සිදුවන බවත්ය.

එබැවින් මේ වසරේ සිව්වැනි කාර්තුව වන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර්ය සඳහා ජනන සැලැස්මක් ඉදිරිපත් කරන බවත්, එම සැලැස්ම අනුව සිව්වන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව තීරණය කෙරෙන බවද එම සමාගම පවසන බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

තවද එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණික පුරෝකථන භාවිත කෙරෙන බවත්, අඩු වියදමක් සහිත ජල විදුලි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කෙරෙන බවත් අඳාළ සමාගම පවසන බව වාර්තා වේ.

එමෙන්ම මේ වසරේ සිව්වැනි කාර්තුවට අදාළව ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය සැලසුම් කර ඇති බවත්, ඒ හේතුවෙන් එම කාලය තුළදී තාප විදුලි බලාගාරවල අවශ්‍යතාවක් බලාපොරොත්තු නොවන බවත් එම සමාගම සඳහන් කරයි.

මේ අතර ලබන වසරේ (2027) ජනවාරි සිට මාර්තු දක්වා වූ පළමු කාර්තුවේදී වියළි කාලගුණික තත්ත්වයක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති බැවින් විදුලි ඉල්ලුමද ඉහළ යන බව සමාගම පවසන බව වාර්තා වේ.

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

මේ සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 දක්වා අත්හිටුවයි.. ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් තීරණයක්

එබැවින් ඊට පෙර සූදානමක් වශයෙන් මේ වසරේ සිව්වැනි කාර්තුවේදී ජල විදුලි නිෂ්පාදනය ගිගාවොට් පැය 1,200 ක් පමණ වසර අගවන විට ගබඩා කර ගැනීමට බලාපොරොත්තු වන බවද සමාගම සඳහන් කරයි.

තවද දිට්වා තත්ත්වයත් සමඟ ඉකුත් වසරේ (2025) දෙසැම්බර් මාසයේදී ගිගාවොට් පැය 1,133 ක් ගබඩා කරගැනීමට හැකිවූවත් මෙවර දෙසැම්බර් වන විටදී ජල විදුලි බලය ගිගාවොට් පැය 1,200 ක් පමණ ගබඩා කිරීමට සමාගම කළමනාකරණය කර ඇති බව සඳහන්.

තවද බැටරි ගබඩා පද්ධයෙන් මේ වසර අග වනවිටදී මෙගා වොට් 160 විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතුකර ගැනීමට නියමිත අතර, එළඹෙන වසරේ පළමු කාර්තුවේදී එය මෙගා වොට් 250 ක් දක්වාද, ලබන වසර අගදී මෙගාවොට් 410 ක් දක්වාද ඉහළ නංවා ගැනීමට නියමිත බව සඳහන්.

ඒ හේතුවෙන් ඉදිරියේදී සැලසුම් සහගත විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය නොවන බවද අඳාළ සමාගම සඳහන් කරයි.

මේ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද ‘35 වැනි මෝසම් කතිකාවතේදී’ අඳාළ සමාගම සඳහන් කර ඇති බව වාර්තා වේ.

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”

''ගඟෙන් අහසට නැඟුණු දැවැන්ත ජල කුළුණක් වැනි දුර්ලභ දසුනක් කැමරාවේ සටහන් වෙයි'' - චීනයේ “ජලය උරා බොන මකරා”