මේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ගැන අසත්‍ය ප්‍රචාර - අධ්යක්ෂ ජනරාල්ගෙන් වහාම නිවේදනයක්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට යන බවටත්, ඒ වෙනුවට ජාතික උරුම දෙපාර්තමේන්තුවක් පත්කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එහි වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දැනට පවතින පුරාවිද්‍යා ආඥා පනතේ ප්රවණතා සැලකිල්ලට ගෙන වර්ථමානයට ගැලපෙන ලෙස එය තවදුරටත් ශක්තිමත් කිරීම පමණක් සිදුවන බවයි.
ඒ අනුව, එම පනත සංශෝධනය කිරීම සදහා විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අමාත්‍යංශ ලේකම්වරයා විසින් විද්වත් කමිටුවක් පත්කර ඇති බවද ඔහු පවසයි.