ලංකාවේ ඉන්ධන ගැන කලබලයක් - ඉන්ධන අර්බුදයක් නැති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දෙයි
මැද පෙරදිග මතුව ඇති තත්ත්වයත් සමඟ මෙරට කිසිදු ඉන්ධන අර්බුදයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව පවතින යුධමය තත්ත්වය තුළ මෙරට ඇතැම් ප්‍රදේශවල ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මහජනතාව විශාල ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත ගමන් කිරීමේ තත්ත්වයන් නිර්මාණය වී ඇත.
කෙසේ වෙතත් ඒ සම්බන්ධව අදහස් පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ ඉන්ධන සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවයි.
සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
එසේම සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙරටට පෙට්‍රල් සහ ඩීසල් තොග ගෙන්වීම මැදපෙරදිග රටවල්වලින් සිදු නොවන බවයි.
එබැවින් කිසිදු කලබලක් ඇති කර නොගන්නා මෙන් තමන් ජනතාවගෙන් ඉල්ලීමක්ද කරන බව ඔහු සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා කියා සිටියේ,
"එහෙම කලබල වෙන්න කිසිම හේතුවක් නෑ. අපි සම්පූර්ණ තොග ගණනය කරලා බැලුවා. අපිට සියලුම දේවල් මාසෙක කාලයකට කිසිදු ගැටලුවක් නැතිව දුවන්න පුළුවන්. හේතුව අපිට තියෙන තොග සහ දැනට ළඟා වෙමින් තියෙන තොග තව දවස් 37කට ප්‍රමාණවත්. ඩීසල් දවස් 35කට ප්‍රමාණවත්, ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්. ඒ කියන්නේ දැනට ළඟා වෙමින් පවතින ඉන්ධන තොග සහ අපේ තියන ස්ටොක් ඔක්කෝම එකතු කළාම එතැනින් එහාට කිසිදු නැවක් ආවේ නැතත් අපිට මේ කියන දවස් ගානට කිසිම කරදරයක් නැතිව දුවන්න පුළුවන්. ඊගාවට අපිට පිරිපහදු ඉන්ධන ඒ කියන්නේ ප්රෙට්රල්, ඩීසල් හැටියට එන තෙල් අපිට ගොඩක් වෙලාවට මැදපෙරදිග රටවලින් නෙමෙයි එන්නේ. හේතුව නැව් ගාස්තු සහ ඒ හරියේ ඉඳන් එනකොට දුර වැඩියි. පසුගිය කාලේම අපිට ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් සහ කොරියාවෙන්. බොරතෙල්වලට විතරයි බලපෑමක් ආවොත් වෙන්නේ මේ වෙනකොට තියෙන සංචිත මාසයක් දුවන්න ප්‍රමාණවත්. ඒ නිසා කිසිදු කලබලයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. ජනතාව අනවශ්‍ය ලෙස කලබල වුණොත් තමයි අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ. ඒ හින්දා ජනතාවට කියන්න තියෙන්නේ කිසිම ගැටලුවක් නැතිව සාමකාමී විදිහට යන්න." යනුවෙන්.