පළාත් පාලන ආයතන පිහිටුවීමේ පොහොට්ටුවේ තාම තීරණයක් නෑ
විපක්ෂ කණ්ඩායම්වලට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සහාය දීම පිළිබඳව තවමත් තීන්දුවක් ගෙන නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනතා මතය ගැන තවදුරටත් සොයා බලා සාකච්ඡා කළ යුතු බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, මේ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා දේශපාලන මණ්ඩලය ලබන සතියේ නැවත රැස්වීමට නියමිත බව ඔහු පැවසීය.
ලබන සතියේ රැස්වන දේශපාලන මණ්ඩලය එම තීන්දුව ගනු ඇතැයි මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය සතියේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත්, එදින මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබිණි.