විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 විවාදයට ගන්න රජය සූදානම්

Report

අධ්‍යාපන අමාත්‍ය සහ ආචාර්ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිවරියට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට රජය සූදානම් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

අද (13) පැවැත්වූ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම තොරතුරු සඳහන් කළ අමාත්‍යවරයා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මේ වන විට සිදුව ඇති කරුණු සහ ඉදිරියේදී සිදුවීමට නියමිත කරුණු පිළිබඳව විශාල ප්‍රමාණයක කරුණු පැහැදිලි කිරීමට මෙම විශ්වාසභංග විවාදය රජයට හොඳ අවස්ථාවක් වනු ඇතැයිත් අවධාරණය කළේය.

විපක්ෂය කඩිනමින් මෙම යෝජනාව ගෙන ඒමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, ඒ අනුව ජනවාරි 22 සහ 23 යන දින දෙක මෙම විවාදයට වෙන් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් තවත් දින ලබාදීමටද රජය සූදානම් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඇමති ලාල් කාන්ත ආගමික වෛරය පැතිරවූ බවට නාමල්ගෙන් චෝදනා

ඇමති ලාල් කාන්ත ආගමික වෛරය පැතිරවූ බවට නාමල්ගෙන් චෝදනා

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්

තවත් වනචාරීන් දුටිමි - බුකිය කැළඹමින් ලාල්ගෙන් තවත් වනචාරී කතාවක්