පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ දක්වා පාස්කු ඉරිදා ප්‍රහාරයේ හෙළි නොවූ කරුණු රැසක් පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමට බව ප්‍රකාශ කරන බවයි.

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

විශ්වාසභංග යෝජනාව කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම අවස්ථාව මඟ හැරී ඇති බවත් වැදගත් කරුණු රැසක් ඉදිරියේදී කුමන හෝ ආකාරයකට හෙළි කිරීමට කටයුතු කරන බවද මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් සමග මීළඟ රැස්වීමේදී සාකච්ඡා කරන බව පවසයි.

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් තිබියදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඔවුන්ට පහසුවෙන් පරාජය කළ හැකිව තිබියදීත් කිසිදු හේතුවක් නොමැතිව විශ්වාසභංග යෝජනාව ඉවත දැමුවේ මෙම විශ්වාසභංග යෝජනාවේදී විපක්ෂය විසින් හෙළි කරන අලුත් කරුණු හමුවේ ආණ්ඩුව අසරණ වන නිසා දැයි යන සාධාරණ සැකයක් මේ වන විට මතුව ඇති බවද මුජිබර් රහුමාන් පවසයි.

මම කොටි ඩයස්පෝරාව එක්ක හැප්පෙනවා - මගේ තාත්තව මැරුවා - අර්චුනා කියන කතා බලන්නකෝ

මම කොටි ඩයස්පෝරාව එක්ක හැප්පෙනවා - මගේ තාත්තව මැරුවා - අර්චුනා කියන කතා බලන්නකෝ

පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලය සහ නීතිපතිවරයාගේ වාර්තා නොසලකා හරිමින් කතානායකවරයා මෙම විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කිසිම හේතුවක් නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයා කටයුතු නොකරන නිසා ඔහුට ඵරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ සතියේදී අත්සන් තබන බවත් මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු

පාසල් දරුවන්ට කොන්ඩම් බෙදන්න යනවා අපේ ඇඟ විකුණලා අපිට රටට කන්න බොන්න හොයාගන්න ඕන කමක් නෑ - අගරදගුරු