හරිනිට ගෙදර යන්නම වෙයි - ඇයට විරුද්ධව විශ්වාසභංගයක්

Report

හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සහ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පවතින අඩුපාඩු මත පදනම්ව, සමගි ජන බලවේගය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සඳහන් වේ.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒ සඳහා ඒකමතිකව එකඟ වී ඇති අතර, අද දිනයේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

රජයේ අධ්‍යාපන ප්‍රකාශනවල සිදුවූ බරපතළ අතපසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාලන දුර්වලතා මෙම යෝජනාවේ ප්‍රධාන කරුණු ලෙස ඉස්මතු කර ඇත.

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මොඩියුලවල අනුමත නොකළ නුසුදුසු වෙබ් අඩවි තවත් තොගයක්

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු වාරය තුළ දැඩි උණුසුම් දේශපාලන වාතාවරණයක් ඇති විය හැකි බව අපේක්ෂා කෙරේ.

අසභ්‍ය වෙබ් අඩවියක් එකතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ බොහෝ දෙනා මේ වන විට අදහස් දක්වා ඇති අතර ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් බව විටින් විට සඳහන් කර තිබේ.

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්

රජයේ පාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්