සියල්ල හඩවමින් අසාහය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කරයි
By Mithu
නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම මෙන්ම ජනප්‍රියතම ගායන ශිල්පිනියක වූ ආශා බෝස්ලේ (Asha Bhosle) මහත්මිය අද (12) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට ඇය 92 වන වියෙහි පසුවූවාය. හදිසියේ ඇති වූ හෘදයාබාධයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ (11) මුම්බායි හි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණි.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස දිවි සැරිය නිම කර තිබේ. දශක හතකට අධික කාලයක් ඉන්දියානු සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය සිය මියුරු හඬින් ඔපවත් කළ ආශා බෝස්ලේ, භාෂා 20කට අධික සංඛ්‍යාවකින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති ප්‍රවීණ කලාකාරිණියකි.
ඇයගේ වියෝව සමස්ත ලෝකවාසී සංගීත ලෝලීන්ට පිරවිය නොහැකි පාඩුවක් ලෙස සැලකේ.