මොකක්ද දෙයියනේ මේ වුණේ?. තරුණ ටෙලි නාට්‍ය නළුවෙක්.. ගෙදරදීම මිය ගිහින්..(PHOTOS)

Report

ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවෙකු වූ ඉන්දියාවේ නිතින් චෞහාන් පසුගියදා (07) මියගොස් තිබෙනවා.

ඒ ඔහුගේ නිවසේ දී ය.

මොකක්ද දෙයියනේ මේ වුණේ?. තරුණ ටෙලි නාට්‍ය නළුවෙක්.. ගෙදරදීම මිය ගිහින්..(PHOTOS) | Nitin Chauhan

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ චෞහාන් සියදිවි නසා ගැනීමකින් මිය යන්නට ඇති බවයි.

35 හැවිරිදි ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පොලිසියට පවසා ඇත්තේ, පසුගිය වසර 3-4ක පමණ කාලය තුළ ඔහුට කිසිදු රැකියාවක් නොලැබුණු බවත්, එම නිසා ඔහු දැඩි මානසික පීඩනයකින් ජීවත් වුණ බවත්ය.

එමෙන්ම ඔහු ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බව ඇය පොලිසියට පවසා තිබෙනවා.

මොකක්ද දෙයියනේ මේ වුණේ?. තරුණ ටෙලි නාට්‍ය නළුවෙක්.. ගෙදරදීම මිය ගිහින්..(PHOTOS) | Nitin Chauhan

ඔහුට රැකියාවක් නොලැබුණු කාලය සීමාව තුළ ඔහු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උත්සහ කළද එය සාර්ථක නොවූ බවටත් ඇය සඳහන් කර ඇත.

ඔහු මිය ගිය දිනයේ ඔහුගේ බිරිඳ ඔවුන්ගේ බාල දියණිය සමග මහල් නිවාස සංකීර්ණයේ උද්‍යානයේ සිට ඇත.

ආපසු නිවසට පැමිණ ඔහුට කතා කළද ඔහු ප්‍රතිචාර දක්වා නොමැත.

දොරගුළු කඩා නිවසට ඇතුළු වී කාමරයට ගිය අවස්ථාවේදී ඔහුගේ මළ සිරුර එහි තිබූ බව ඇය සඳහන් කරයි.

ඔහුව රෝහල්ගත කළ ද ඒ වනවිටත් මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පවසා ඇත.

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැක කටයුතු කිසිවක් සොයාගෙන නොමැති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.

MTV හි Splitsvilla 5, මෙන්ම Zindagi Dot Com, Crime Patrol සහ Friends වැනි කතා මාලාවනිහි ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම, Dadagiri 2 රියැලිටි වැඩසටහන ජයග්‍රහණය කිරීමත් සමග ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් ව ඇත.