ක්‍රිෂ් ගනුදෙනුවේ පරීක්ෂණ අලුත් වෙයි- ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට
By Kanchana
ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මේ වනවිට සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා එහි පැමිණ ඇති බව වාර්තා වේ.
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී ලබාගන්නා ප්‍රකාශ සහ අනෙකුත් තොරතුරු පදනම් කරගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය. නිශ්ශංක සේනාධිපති මහතාගෙන් අද දිනයේදී අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීමට නියමිත බව සඳහන් වේ.