හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න තවදුරටත් රිමාන්ඩ්

Report

 රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා එළැඹෙන මස 8වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොල්ගහවෙල මහෙස්ත්‍රාත් උදුම්බරා දසනායක අද (24) නියෝග කළේය.

නාවික හමුදාවේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේදී 2010 වසරේදී අලව්ව ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පැවසයි.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී ඇපමත සිටින සැකකරුවන් හා බන්ධනාගාර ගතව සිටින 10 වන සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

එමෙන්ම 11 වන සැකකරු වන හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික හමුදා බුද්ධි ප්‍රධානි සරත් මොහොට්ටි යන අය උඩුදුම්බර බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනු ලැබීය. මහෙස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවු අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විත්තියේ නිතීඥයන් හා වින්දිත අයගේ නීතිඥයවරියද කරුණු දැක්වූහ.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

එම කරුණු පිළිබඳවද අවධානය යොමුකල මහෙස්ත්‍රාත්වරිය නඩුව ඔක්තෝබර් 8 දින නැවත කැඳවන බැවින් එදිනට ඉදිරි පත්කරන ලෙස නියෝග කළහ.  

2020 ජූලි මස 15 වැනිදා 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගත් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සිය ධුර කාලය අවසන් වීමෙන් පසු 2022 දෙසැම්බර් 18 වැනිදා නාවික හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගියේය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව