නීල් සෙඩකා සදහට සමුගනී

Report

අමෙරිකානු ජනප්‍රිය සංගීත ලෝකයේ දිගුකාලීන තරුවක් වූ ගායකයෙකු හා ගීත රචකයෙකු වන නීල් සෙඩකා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු වයස අවුරුදු 86කි. ඔහුගේ පවුලේ සාමාජිකයින් නිකුත් කළ නිවේදනයකින් මෙම මරණය තහවුරු කර ඇති අතර, මරණයට හේතුව හෝ සිදුවූ ස්ථානය එහිදී හෙළි කර නොමැත.

1950 හා 60 දශකවලදී Oh! Carol, Breaking Up Is Hard To Do, Calendar Girl, Laughter in the Rain, Bad Blood වැනි ලෝක ප්‍රකට ගීත රචනා කරමින් ගායනා කළ සෙඩකා,ග්‍රැමී සම්මාන පහකට නිර්දේශ වූ දක්ෂ පියානෝ වාදකයෙකු ද විය.

අධික මීදුම් හේතුවෙන් කොටගලදී අනතුරක්

අධික මීදුම් හේතුවෙන් කොටගලදී අනතුරක්


බෘක්ලින්හි උපන් ඔහු, නිව්යෝර්ක්හි කීර්තිමත් ජූලියඩ් පාසල හි ශිෂ්‍යයෙකු වූ අතර, 1950 දශකයේ අගභාගයේදී The Tokens නම් ඩූ-වොප් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු ද විය.

දශක හයකට වැඩි කාලයක් පුරා දිව ගිය ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ තවත් ප්‍රසිද්ධ සංගීතඥයන් සඳහා බොහෝ ජනප්‍රිය ගීත රචනා කිරීමට ද ඔහුට හැකි විය.

1960 දශකයේ මුල් භාගයේ ජනප්‍රියත්වයේ උච්චතම අවධියෙන් පසු, 1975දී Captain & Tennille දෙපළ වෙනුවෙන් රචනා කළ Love Will Keep Us Together ගීතය බිල්බෝඩ් Top 10 පුවරුවට යළිත් ඔහු ගෙන ආවේය.

එමෙන්ම 1970 දශකයේදී එල්ටන් ජෝන්ගේ වාර්තා ලේබලය යටතේ ඇල්බම කිහිපයක් ද පටිගත කළේය. 1960 දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය සංගීත ආක්‍රමණය නිසා ඔහුගේ ජනප්‍රියත්වය තරමක් අඩු වුවද, ඔහුගේ සංගීතය ලෝකය පුරා තවමත් ආදරය කරනු ලැබේ.

2012දී ලන්ඩන්හි රෝයල් ඇල්බට් හෝල්හි  පියානෝ ප්‍රසංගයක් පැවැත්වූ අවස්ථාවේදී බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡා කරමින් ඔහු පැවසුවේ, බැරෑරුම් ප්‍රසංගවලට යාමට පුරුදු නැති ජනතාව වෙනුවෙන් සරල හා ආස්වාදජනක ප්‍රසංගයක් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

ට්‍රම්ප්ගේ අවසන් උත්තරය

ට්‍රම්ප්ගේ අවසන් උත්තරය