මින් පසු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව ක්‍රියා කළ යුතුයි - නව මාර්ගෝපදේශ

Report

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල කාන්තා සහ පිරිමි වාට්ටු භාවිත කිරීමේදී ඔවුන්ගේ ලිංගික අනන්‍යතාව වෙනුවට ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අනුව කටයුතු කළ යුතු බව එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය නව මාර්ගෝපදේශ නිකුත් කරමින් පවසන බව වාර්තා වේ.

එබැවින් සංක්‍රාන්ති ලිංගික රෝගීන් ඔවුන්ගේ ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට අදාළ තනි ලිංගික වාට්ටුවල හෝ වාට්ටු කොටස්වල රැකවරණය ලැබිය යුතු බවයි එම මාර්ගෝපදේශවල දැක්වෙන බව සඳහන්.

එහෙත් එය වෛද්‍යමය ලෙස සුදුසු නොවන අවස්ථාවලදී විකල්ප විධිවිධාන යෙදිය යුතු අතර, සියලුම රෝගීන්ගේ ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කළ යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන්.

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අනිද්දට සියල්ල යථා තත්ත්වයට

එසේම රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙන්කර ඇති පහසුකම් භාවිත කිරීමේදී ද ජීව විද්‍යාත්මක ලිංගිකත්වය සැලකිල්ලට ගත යුතු බව නව මාර්ගෝපදේශවල දැක්වෙන අතර, ඒ සමඟම තනි පුද්ගලයෙකුට පමණක් භාවිත කළ හැකි වැසිකිළි වැනි විකල්ප පහසුකම් ප්‍රමාණවත් වශයෙන් සැපයීමට ද රෝහල් බලධාරීන් කටයුතු කළ යුතු බව සඳහන්.

කෙසේ වෙතත් මින් පෙර නිකුත් කර තිබූ මාර්ගෝපදේශ යටතේ රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවට ගැළපෙන වාට්ටු සහ පහසුකම් භාවිත කිරීමට අවස්ථාව හිමි විය.

එයින් අදහස් කළේ සංක්‍රාන්ති කාන්තාවක් - කාන්තාවක් ලෙස හඳුනා ගන්නා ජීව විද්‍යාත්මක පිරිමියෙක් - කාන්තා වාට්ටුවක සිටීමට තෝරා ගත හැකි බවයි, නැතහොත් සංක්‍රාන්ති පිරිමියෙක් - පිරිමියෙකු ලෙස හඳුනා ගන්නා ජීව විද්‍යාත්මක කාන්තාවක් - පිරිමි වාට්ටුවක් තෝරා ගත හැකි බවයි.

යේමනයේ ජනාධිපති මන්දිරයට දරුණු මිසයිල ප්‍රහාරයක් - පහක් මරුට 16කට තුවාල - අගමැති සහ ඇමතිවරුන්ගේ තත්ත්වයත් දන්වයි

යේමනයේ ජනාධිපති මන්දිරයට දරුණු මිසයිල ප්‍රහාරයක් - පහක් මරුට 16කට තුවාල - අගමැති සහ ඇමතිවරුන්ගේ තත්ත්වයත් දන්වයි

එසේ වුවත් සමානාත්මතා නීතිය යටතේ "ලිංගිකත්වය" යන යෙදුම ජීව විද්‍යාත්මක ලිංගිකත්වය අදහස් කරන අතර "කාන්තාව" යන්නෙන් ජීව විද්‍යාත්මක කාන්තාවක් අදහස් කරන බවට 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව එම මාර්ගෝපදේශය ඉල්ලා අස්කර ගන්නා ලදී.

එසේම එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය අවධාරණය කර ඇත්තේ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට වෙනස්කම් සිදු නොවන බව තහවුරු කිරීමට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව භාවිත කළ හැකි පහසුකම් ද ලබාදිය යුතු බවයි.

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

ATM හා CDM යන්ත්‍ර භාවිත කරනවද? ශ්‍රී ලංකා පොලිසියෙන් අති විශේෂ දැනුම්දීමක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්

අද මේ ලග්න හිමියන්ට රන් රිදී ආභරණ, නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට මුදල් ලැබෙන වාසනාවන්ත දිනයක්