යේමනයේ ජනාධිපති මන්දිරයට දරුණු මිසයිල ප්රහාරයක් - පහක් මරුට 16කට තුවාල - අගමැති සහ ඇමතිවරුන්ගේ තත්ත්වයත් දන්වයි
දකුණු යේමනයේ, ජාත්යන්තරව පිළිගත් රජයේ මූලස්ථානය වන, ඒඩන් වරාය නගරයේ ජනාධිපති මන්දිරය ඉලක්ක කර ගනිමින් හවුති මිසයිල ප්රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 16 දෙනෙකු තුවාල ලබා ඇති බව නිලධාරීන් සඳහන් කරන බව වාර්තා වේ.
ඒ අනුව තොරතුරු අමාත්ය මොවම්මර් අල්-එරියානි සඳහන් කර ඇත්තේ බැලස්ටික් මිසයිල පහක් අල්-මාෂික් මාලිගයට පහර දුන් විට අගමැති සහ අනෙකුත් ඇමතිවරුන්ට තුවාල සිදු නොවූ බවයි.
එමෙන්ම හවුතිවරුන්ගේ හමුදා ප්රකාශක යාහ්යා සාරියා ප්රකාශ කළේ ඔවුන් "ඒඩන්හි සවුදි සතුරාගේ හමුදා මෙහෙයුම් මූලස්ථානයට" පහර දුන් බවයි.
මේ අතර සවුදි අරාබිය ප්රමුඛ සන්ධානයක් රජයට සහාය දක්වන අතර ඉරාන පිටුබලය ලබන හවුතිවරුන්ට එරෙහිව රජයට පක්ෂපාතී හමුදා විසින් දියත් කරන ප්රහාරයක් සඳහා ගුවන් සහාය ලබා දෙන බව සඳහන්.
එසේම යේමන සෞඛ්ය අමාත්ය කාසිම් බුහයිබේ පැවසුවේ තුවාල ලැබූවන් අතර "ස්ථානය ආරක්ෂා කිරීමට සේවය කරන අය සහ සිවිල් සේවකයින්" ඇතුළත් බවයි.
තවද රටේ අගමැති ෂයා සින්ඩනි, ඒඩන් වෙත හවුතිවරුන්ගේ ප්රහාරය හෙළා දුටු අතර, එය "බියගුලු" සහ "ඔවුන්ගේ සාපරාධී හැසිරීමේ අඛණ්ඩ පැවැත්මක්" වශයෙන් දක්වා ඇත.
එමෙන්ම ඔහු පොරොන්දු වී ඇත්තේ රජය තම රාජකාරි දිගටම කරගෙන යන බවත්, යේමනයේ නිරිතදිග රතු මුහුදේ වෙරළ තීරයේ සහ අනෙකුත් පෙරමුණු වල හූතිවරුන්ට එරෙහිව මෙහෙයුම් දිගටම කරගෙන යාම සඳහා තම හමුදාවන්ගේ අධිෂ්ඨානය දුර්වල නොකරන බවටත් ය.
මින් පෙර ඉස්ලාමයේ ශුද්ධ වූ සිද්ධස්ථානයක් වන මෙඩිනා කලාපයේ තම හමුදා කෲස් මිසයිලයක් අල්ලා ගත් බව සන්ධානය ප්රකාශ කිරීමෙන් අනතුරුව ඊයේ දින සෞදි අරාබියට පහර දුන් බව හූතිවරු ප්රතික්ෂේප කළ බව සඳහන්.