මීළග ජනපති නාමල් - තිස්සකුට්ටි ෆුල් ට්‍රයි

SLPP Namal Rajapaksa President of Sri lanka Local government Election
By Shehan Mar 14, 2025 07:38 AM GMT
Shehan

Shehan

Report

වත්මන් රජය ඉල්ලා අස්වී නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා දිය යුතු බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අදහස් දක්වයි.

මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු පැවසුවේ, පසුගිය කාලයේ නිහඬව සිටියද, නාමල් රාජපක්ෂ සමඟ ගමින් ගමට ගොස් සක්‍රීය දේශපාලනයේ යෙදුණු බවයි.

 මෙරට ඊළඟ නායකයා නාමල් රාජපක්ෂ බව තමන් විශ්වාස කරන බවත්, මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඉදිරි නායකයා ලෙස නාමල් රාජපක්ෂ සමඟ ඉදිරි ගමනකට එක්වීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් (VIDEO)

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් (VIDEO)

2015දී මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ රට පසුබෑමකට ලක්වූ බවත්, එයට හේතුව ඔවුන්ට හොරු යැයි චෝදනා කරමින් අසත්‍ය ලේබල් යෙදීම බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

“පසුගිය කාලසීමාව තුළ නිහඬව දිස්ත්‍රික්කවලට යමින්, ගමින් ගමට වැඩසටහනට යමින්, නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක මේ ක්‍රියාකාරී දේශපාලනයේ කටයුතු කරගෙන යනවා. අපි විශ්වාස කරනවා මේ රටේ මීළඟ නායකයා නියත වශයෙන්ම නාමල් රාජපක්ෂ. එදාත් අපි ඒක කිව්වා.

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

අද වෙනකොට වර්තමාන ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකමත් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සියල්ලක්මත් අද මේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා මේ රටට වැඩ කරපු නායකයා මහින්ද රාජපක්ෂ. මේ රටේ යුද්ධය නවත්වපු නායකයා මහින්ද රාජපක්ෂ.

ඒ නිසා මහින්ද රාජපක්ෂ කඳවුරේ මීළඟ නායකයා විදියට තමයි නාමල් රාජපක්ෂ තරුණ නායකයාත් එක්ක මේ වැඩපිළිවෙල යන්නෙ. අපි මේ පළාත් පාලන මැතිවරණයේදී නාමල් රාජපක්ෂ ජනාධිපති කිරීමේ වැඩසටහනේ මූලාරම්භය මේ මැතිවරණයෙන් තියනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු අපි විසින් බිම් මට්ටමෙන් සකස් කරගෙන යනවා”

ReeCha