ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් (VIDEO)

Report

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එය සභාගත කරමින් ඔහු කියා සිටියේ, ඉදිරියේදී එය නීතිපතිවරයා වෙත යොමු කිරීමටත් පාර්ලිමේන්තුවේ දින 02 ක විවාදයක් පැවැත්වීමටත් බලාපොරොත්තු වන බවයි.

එහිදී බිමල් රත්නායක මහතා සඳහන් කළේ, මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් පැවැත්වෙන බවයි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව මැතිසබයට

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් වාර්තාව මැතිසබයට

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ඔහු පැවසුවා.

 ඒ අනුව, වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය වී තිබෙනවා.

මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට උපදෙස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කිරීමටද තීරණය කර ඇති බවත්, උචිත අවස්ථාවකදී මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

“එයා එනකන් අපි දැන් බලන් ඉන්නවා” - තමිල් අරසු පක්ෂය

 1994දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර, එවක විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නා.