ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යෙන්ම මේ දේ ඔබ දැනගත යුතුමයි..

By krishani Apr 06, 2024 03:55 PM GMT
krishani

krishani

Report

මේ දවස්වල අපි හැමෝම සිංහල, දෙමළ අලු‍ත් අවුරුද්දට සූදානම් වෙනවා නේද?.

ජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යෙන්ම මේ දේ ඔබ දැනගත යුතුමයි.. | New Years Shopping

තවත් සතියක පමණ කාලයක් තමයි සිංහල, දෙමළ අලු‍ත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නෙ.

අද (06) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, මහතා අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යෙදෙන ජනතාව අවදානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

එහිදී ඒ මහතා පැවසුවේ සොරුන් සහ කොල්ලකරුවන්ගෙන් ප්‍රවේසම් වී සාප්පු සවාරි කටයුතු වල නිරත විය යුතු බවයි.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.

බක් මහේ ජනතාවට රජයෙන් නොමිලේම ලබා දීමක් - තවත් සතුටු හිතෙන සුබ පණිවිඩ කිහිපයක්ම මෙන්න.


එමෙන්ම, ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බැවින් ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයන් මෙන්ම වෙළඳුන්ද අවදානයෙන් පසුවිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරෙන වැඩසටහන් වලට රාජ්‍ය අංශයේ අවශ්‍ය සහයෝගය සහ සහභාගීත්වය ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා අදාළ රාජ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ඒ අදාළ කාලසීමාව තුළ අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු නිළධාරින් වෙත ලිපියක් යොමු කරමින් ය.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.