දුක කඳුල වෙනුවට සතුට සම්පත රජකරවන සුබ අලුත් අවුරුද්දක් වෙනුවෙන් පෙළ ගැසෙමු
දුක, කඳුළු, වේදනාව වෙනුවට සතුට හා සමෘද්ධිය ගෙන දෙන නව වසරක් සඳහා එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටී.
මෙම අලුත් අවුරුද්දේදී සුපුරුදු හා නව අභියෝග රැසක් අප ඉදිරියේ ඇති අතර, ඒවා ඵලදායී ලෙස කළමනාකරණය කර රටත්, ජනතාවත් ප්‍රගතිය කරා රැගෙන යාම අප සැමගේ ඒකාබද්ධ වගකීමක් බව ඔහු පවසයි.
එවැනි අවස්ථාවලදී පටු මතවාදවලට එල්බ නොගත යුතු බව ඔහු සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් අවධාරණය කරයි.