හෙට ලොවක් බලා සිටින මොහොත - චීනය සහ උතුරු කොරියාව එකිනෙකට යා වෙයි
චීනය සහ උතුරු කොරියාව යා කරන, දිගු කලක් තිස්සේ ප්රමාද වූ නව 'යාලු ගංගා පාලම' (New Yalu River Bridge) බ්රහස්පතින්දා එනම් හෙට(15) දින විවෘත කිරීමට නියමිත බව චීනයේ රාජ්ය ප්රවෘත්ති ඒජන්සිය වන 'ෂින්හුවා' (Xinhua) වාර්තා කළ බව සඳහන්. මෙයින් වැඩි ආර්ථික යැපීමක් ඇති වීම පිළිබඳව පියොන්ග්යැන්ග් (Pyongyang) හි පවතින අවිශ්වාසය නොතකා, වෙළඳාම ඉහළ නැංවීම සඳහා වන නව උත්සාහයක් පෙන්නුම් කරයි.
එසේම දෙපාර්ශ්වයම එක්ව මෙහි විවෘත කිරීමේ උත්සවය පවත්වනු ඇති බව ෂින්හුවා වාර්තාවේ සඳහන්.
කෙසේ වෙතත් උතුරු කොරියාවේ රාජ්ය මාධ්ය මේ සැලැස්ම පිළිබඳ වහාම වාර්තා නොකළ බව සඳහන්.
එමෙන්ම මෙම පාලම දෙරට අතර වෙළඳාම සඳහා වන විශාලතම සහ වඩාත්ම වැදගත් ගොඩබිම් මාර්ග සම්බන්ධතාව වනු ඇත. පසෞගිය 2014 වසරේදී දෙරට අතර වෙළෙඳ සබඳතා වර්ධනය කිරීමේ අරමුණින් චීනය සිය පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කර තිබුණා.
කෙසේ වෙතත්, උතුරු කොරියාවේ න්යෂ්ටික අත්හදා බැලීම් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා තිබූ සම්බාධක දැඩි කිරීමට චීනය සහාය දැක්වීමත් සමඟ දෙරට අතර සබඳතා පළුදු වූ බව විදෙස් මාධ්ය සඳහන් කළ අතර ඒ හේතුවෙන් උතුරු කොරියාව සිය පාලමේ ඉදිකිරීම් කටයුතු වසර ගණනාවක් අතහැර දමා තිබුණ බව සඳහන්.