පොලිසියට සුබ පණිවුඩයක්

Report

අද (18) දින පාර්ලිමේන්තුවේදී පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයෙන් මුදවාගෙන ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවට සින්ගල් කැබ් රථ දෙසියක් ඉන්දියා ආධාර යටතේ ලැබෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා යතුරු පැදි හත්සිය පනහක් පොලිස් ත්‍යාග අරමුදලින් ගැනීමට කටයුතු කරගෙන යන බවත් ප්‍රකාශ කළා.

එමෙන්ම රජය පොලිස් කොමිසමට කිසිදු බලපෑමක් නොකරන බවත් පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීම් සිදු කරන්නේ කාර්ය සාධනය මත පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්. 

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා

මාලිමා ලොක්කො ටිකකට ගුටි බැට පූජාවක් - රෝහල් ගත කරලා