ගුරු සේවයට සංවර්ධන නිලධාරීන්ගේ ඇතුළත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්.
පසුගියදා උපාධිධාරී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇතිවූ සමථය අනුව කටයුතු කර තිබේදැයි පැහැදිලි කරන වාර්තාවක් ලබන පෙබරවාරි මස 27 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නීතිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ, අධිකරණය හමුවේ ඇති කරගත් සමථයට අනුකූලව මෙතෙක් කටයුතු කර නොමැති බව සඳහන් කරමින් පෙත්සම්කාර සංවර්ධන නිලධාරීන් විසින් ගොනුකළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
ඉදිරි වසරේ වාහන ආනයනයේදී දැවැන්ත බදු ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න. - ලංකාව තුළ තුන් ගුණයකින් අලෙවි වෙයි.
ගාමීණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසෙම සලකා බැලුනා.
සංවර්ධන නිලධාරීයෙකු වූ චතුර දේවපුර ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම ගොනුකර තිබු අතර, එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
ඒ, අනුව පෙත්සම්කරුවන් කියා සිටින්නේ ගුරු පුහුණුව ලැබූ සියලුම සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයක් ඇති වුවද එම සමථය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි.
මීට අදාළව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
You may like this video