මේ ශ්‍රේණි සඳහා නව විෂය මාලාවක් සහ සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් - පාසල් නිවාඩු සම්බන්ධයෙනුත් විශේෂ ඉල්ලීමක්

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරන්නේ වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම යම් මට්ටමක අභියෝගයක් වී ඇති බවයි.

එහිදී විශේෂයෙන්ම පිරිමි දරුවන් අවුරුදු 16න් පසු අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඇය සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී 'ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත' දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

එහිදී නව අධ්‍යාපන සංශෝධන යටතේ එළඹෙන වසරේ සිට 2වන සහ 6වන ශ්‍රේණි සඳහා නිර්දේශිත නව විෂය මාලාව ක්‍රියාත්මක කරන බව අගමැතිනිය ප්‍රකාශ කළා.

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

අධ්‍යාපන පද්ධතියම වෙනස් කරමින් සියලුම දරුවන්ට උපාධිය.. ඒ වෙනුවෙන් අදාළ විෂයන් ස්ථානගත විය යුතු ආකාරය ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්

එමෙන්ම සියලුම පෙරපාසල් සඳහා ද පොදු විෂය මාලාවක් සකස් කර ඇති අතර, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සඳහන්.

ඒ වෙනුවෙන් අවශ්‍ය ගුරු පුහුණුව සහ අනෙකුත් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළා.

එමෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනයේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙන අතර, ඒ සඳහා ඉදිරියේදී නියාමනයක් සිදු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි ක‍ර සිටියා.

අඳාළ නියාමනය යටතේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථවාහන වෙනුවෙන් අවම පහසුකම් සැපිරීම අනිවාර්ය වේ. විශේෂයෙන්ම, ආසන පටි සහ ආරක්ෂක කැමරා සවිකිරීම අනිවාර්ය කරනු ඇති බව පැවසුවා.

මහජනතාවට සහ රියැදුරන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අද මේ වෙලාවේ සිට වලංගුයි

මහජනතාවට සහ රියැදුරන්ට ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අද මේ වෙලාවේ සිට වලංගුයි

එමෙන්ම මෙම අදහස් දැක්වීම අවසානයේදී අග්‍රාමාත්‍යවරිය විශේෂ ඉල්ලීමක් සිදු කරමින් ප්‍රකාශ කළේ පාසල් දරුවන්ගේ මානසික නිදහස සම්බන්ධයෙන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

විශේෂයෙන්ම, පාසල් නිවාඩු සමය තුළ දරුවන්ට එම නිවාඩුව නිදහසේ භුක්ති විඳීමට ඉඩ ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියා.

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

හෙට 2න් පස්සේ වෙන්න යන දේ ගැන පැය දෙකකට පෙර නිවේදනයක් - දිවයිනටම වලංගුයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල ගැන දැනුම්දීමක්