අලුත් නීතියක් - මීට පස්සේ ග්‍රාම නිලධාරී සහතිකය විතරක් තිබිලා මදි
පොලිස් වාර්තා ලබාගැනීම වෙනුවෙන් ග්‍රාම නිලධාරි සහතිකයට අමතරව අදාළ ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ආරක්ෂක කමිටු (මහජන ආරක්ෂණ කමිටුව) සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය මඟින් දැනුම්දී ඇති බවට ග්‍රාම නිලධාරීන් ප්‍රකාශ කරයි.
වත්මන් බලයේ ඇති මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව රටේ ඇති සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම සිවිල් ආරක්ෂක කමිටු අලුතින් පිහිටුවා ඇත.
ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුද සහභාගි වී තිබෙනවා.
එබැවින් පොලිස් වාර්තා ලබාගැනීම සඳහා සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගෙන් ද චරිත සහතිකයක් ලබාගන්නා මෙන් ග්‍රාම නිලධාරින් විසින් සිය ප්‍රදේශයේ මහජනතාව මේ වනවිට දැනුම් දී ඇති බව වාර්තා වේ.