"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS)

Report

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක් ..

බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී කාදිනල් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කර තිබේ.

උතුරේ ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දේ ..

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

"ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. ඒ වගේම මම කල්පනා කරනවා ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරදුර කටයුත්ත ලංකාවේ ජනතාව එතුමාගේ කර උඩට දැන් පවරා තියෙනවා. මෙය දුෂ්කර කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් අපේ සම්පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. ඒ වගේම දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් ඔබතුමාගේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා."

අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ - දවටගහ ජුම්මා මුස්ලිම් දේවාස්ථානය වෙත ද පැමිණ ආශිර්වාද ලබා ගන්නා ලදී.

ලෙබනන් වැසියන් වසර 20කට ආසන්න කාලයක ගැටුම්වල මාරාන්තිකම දිනයට මුහුණ දේ ..(VIDEO/PHOTO)

ඊයේ සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක පස්වරුවේ මහනුවර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තේය.

එමෙන්ම, ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනු ලැබූ අතර අනතුරුව  අස්ගිරි මහාවිහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා හඳුනා ලදී.

"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS) | New President Anura Visits Cardinal