වසර 100කට පසු නව පෙන්ගුවින් විශේෂයක් හඳුනාගැනෙයි - සුන්දර පෙන්ගුවින්වරුන් ගැන අපූරු සොයාගැනීමක්

Report

වසර 100කට වැඩි කාලයකට පසු නව පෙන්ගුවින් විශේෂයක් විද්‍යාත්මකව හඳුනාගෙන තිබේ. නව පර්යේෂණයකින් මෙතෙක් එකම විශේෂයක් ලෙස සැලකුණු Gentoo පෙන්ගුවින් කාණ්ඩය ජානමය වශයෙන් වෙනස් වූ විශේෂ හතරකින් සමන්විත බව අනාවරණය කර තිබේ.

ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් සිදුකළ මෙම අධ්‍යයනයේදී Pygoscelis kerguelensis ලෙස නම් කර ඇති නව විශේෂය හඳුනාගෙන තිබේ.

මෙම පෙන්ගුවින් විශේෂය දකුණු ඉන්දීය සාගරයේ පිහිටි, ලොව වඩාත් හුදකලා ස්ථාන අතරට අයත් Kerguelen දූපත්වල වාසය කරයි. බාහිර පෙනුමෙන් මෙම නව විශේෂය අනෙකුත් Gentoo පෙන්ගුවින්වරුන්ගෙන් විශාල වශයෙන් වෙනස් නොවන නමුත්, සිරුරේ ප්‍රමාණය, හඬ සහ ජානමය ලක්ෂණවල සුළු වෙනස්කම් පවතින බව පර්යේෂකයෝ පවසති.

මෙම සොයාගැනීම විශේෂ වන්නේ 1921 වසරේ Northern rockhopper penguin විශේෂය හඳුනාගැනීමෙන් පසු වසර 100කට වැඩි කාලයකින් හඳුනාගත් පළමු නව පෙන්ගුවින් විශේෂය මෙය වීම හේතුවෙනි.

පර්යේෂණයේ ප්‍රතිඵල 2026 අප්‍රේල් මාසයේ Communications Biology සඟරාවේ පළ කර තිබේ.

Gentoo පෙන්ගුවින් විශේෂ හතරක්

පර්යේෂකයන් විසින් Gentoo පෙන්ගුවින් කාණ්ඩයේ ජානමය වශයෙන් වෙනස් වූ විශේෂ හතරක් හඳුනාගෙන තිබේ.

ඒ අතර Pygoscelis papua නම් උතුරු Gentoo විශේෂය Falkland/Malvinas සහ දකුණු ඇමරිකාවේ Martillo දූපත්වලට සීමා වී තිබේ. Pygoscelis ellsworthi නම් දකුණු Gentoo විශේෂය ඇන්ටාක්ටික් අර්ධද්වීපය, වෙරළබඩ ඇන්ටාක්ටිකාව සහ South Georgia දූපත ආශ්‍රිතව ව්‍යාප්තව ඇත.

Pygoscelis taeniata නම් නැගෙනහිර Gentoo විශේෂය Crozet, Marion සහ Macquarie දූපත්වල දක්නට ලැබේ. නව Pygoscelis kerguelensis විශේෂය Kerguelen දූපත්වලින් හඳුනාගෙන ඇති අතර, එය දකුණු-නැගෙනහිර Gentoo ලෙස හඳුන්වා තිබේ.

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්

''AI නියාමනය නොකළොත් මිනිසුන් බිලියනයක් මිය යා හැකියි'' - බිල් ගේට්ස්ගෙන් මනුෂ්‍ය සංහතියට දැඩි අනතුරු ඇඟවීමක්

පෙන්ගුවින් විශේෂ වෙනස් වූයේ කොහොමද?

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම විශේෂ හතර වසර 300,000ත් 500,000ත් අතර කාලයකදී එකිනෙකාගෙන් වෙන්ව පරිණාමය වී ඇති බවයි.

භූගෝලීය වශයෙන් හුදකලා වීම සහ දකුණු සාගරයේ පිහිටි Antarctic Polar Front නමැති උෂ්ණත්ව හා ලවණතා වෙනසක් සහිත ස්වභාවික සීමාව එම පරිණාමයට බලපා ඇති බව පර්යේෂකයෝ පවසති.

මෙම අධ්‍යයනය සඳහා ප්‍රජනන ජනපද 10කින් පෙන්ගුවින් 64 දෙනෙකුගේ සම්පූර්ණ ජෙනෝම දත්ත විශ්ලේෂණය කර ඇති අතර, ඒ සමඟ ඔවුන්ගේ ශාරීරික, පාරිසරික සහ හැසිරීම් ලක්ෂණද සසඳා තිබේ.

දේශගුණික විපර්යාසයෙන් තර්ජනයක්

නව විශේෂ හඳුනාගැනීම පර්යේෂණමය වශයෙන් පමණක් නොව, සංරක්ෂණය සඳහාද වැදගත් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇන්ටාක්ටික් සහ උප-ඇන්ටාක්ටික් ප්‍රදේශවල පරිසර පද්ධති වෙනස් වෙමින් පවතින අතර, දූපත් ආශ්‍රිත Gentoo විශේෂ කිහිපයකට ඉදිරියේදී වාසස්ථාන අහිමි වීමේ අවදානමක් පවතින බව දේශගුණික ආකෘති පෙන්වා දෙයි.

විද්‍යාඥයන් පවසන්නේ Gentoo පෙන්ගුවින් විශේෂ හතර වෙන වෙනම හඳුනාගැනීම ඔවුන් මුහුණ දෙන විවිධ පාරිසරික තර්ජන අනුව සංරක්ෂණ වැඩසටහන් සැලසුම් කිරීමට වැදගත් වනු ඇති බවයි.

“ඔපෙරා ගායකයන් වගේම ගයන අපූරු සත්ත්වයෙක්” - පර්යේෂණයකින් හෙළි වූ අපූරු ලෙමර්වරුන්ගේ කතාව මෙන්න

“ඔපෙරා ගායකයන් වගේම ගයන අපූරු සත්ත්වයෙක්” - පර්යේෂණයකින් හෙළි වූ අපූරු ලෙමර්වරුන්ගේ කතාව මෙන්න