පොදු ප්‍රවාහනයට අලුත් නීතියක් - බස්වල යන අයට සුබ වෙයි

Report

පොදු ප්‍රවාහන සේවා සපයන බස් රථ තුළ අධික ශබ්දයෙන් යුත් සංගීතය හෝ වෙනත් ශ්‍රව්‍ය දර්ශන වාදනය කිරීම නිසා මගීන්ට එල්ල වන පීඩාව වැළැක්වීමට නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ මේ වෙනුවෙන් අවශ්‍ය නීතිමය රාමුව සකස් කිරීමේ කටයුතු දැනටමත් අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

එසේම මෙම නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මීට පෙර බස් රථ තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය මඟින් සිදුවන ශබ්ද දූෂණය පාලනය කිරීමට ප්‍රමාණවත් රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක නොවූ බවයි.

මෙටා සමාගමෙන් දැනුම්දීමක් - මේ අයගේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් වසා දමයි

මෙටා සමාගමෙන් දැනුම්දීමක් - මේ අයගේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ ත්‍රෙඩ්ස් ගිණුම් වසා දමයි

එබැවින් අලුතින් සම්පාදනය කෙරෙන රෙගුලාසි සම්මත වූ වහාම, නියමිත ප්‍රමිතිය ඉක්මවා ශබ්දය නිකුත් කරන වාහනවලට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හැකියාව ලැබෙනු ඇති බව ඔහු පවසයි.

මෙමඟින් මගී ජනතාවට වඩාත් සහනදායී සහ සුවපහසු ගමන් පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන්.

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශ්‍රාම වැටුප අවලංගු වෙයිද? සති හයකින් වෙනදේ මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න

විශේෂ නිවේදනයක් - මේ අවුරුද්දේ තියෙන සියලු විභාගවල දින මෙන්න