අද සිට පෘථිවිය වටා භ්‍රමණය වන අලුත් සඳ

World
By Wayomi Sep 29, 2024 08:27 AM GMT
Wayomi

Wayomi

Report

අද (29) සිට පෘථිවිවාසීන්ට නව අභ්‍යවකාශ අත්දැකීමක් විඳගැනීමේ අවස්ථාව හිමිවෙයි.

ඒ මීටර 10ක පමණ විශ්කම්භයකින් යුතු කුඩා සඳක් පෘථිවි ගුරුත්වාකර්ෂණයට හසුවී එය වටා තාවකාලිකව කක්ෂගත වීම හේතුවෙනි. මෙලෙස තාවකාලිකව පෘථිවිය වටා භ්‍රමණ වාර ආරම්භ කරන්නේ පෘථිවිය ආසන්නයෙන් ගමන් කරමින් පැවති 2024 පීටී ෆයිව් (PT 5) නම් ග්‍රහකයයි. '

පෘථිවි චන්ද්‍රයාට වඩා අතිශය කුඩා මේ තාවකාලික චන්ද්‍රයා අද සිට නොවැම්බර් 25 වැනිදා දක්වා දින 53ක් කාලයක් පෘථිවිය වටා භ්‍රමණය වීමට නියමිතයි. මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන එම දෙවැනි චන්ද්‍රයා දැකගැනීමට හැකිවන්නේ වෘත්තීමය දුරේක්ෂයකින් පමණක් බව වාර්තා වෙයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%