රටටම බලපාන ප්‍රබල ඇමතිධූර දෙකක් අද දිවුරයි..නව ඇමතිවරු දෙන්න මෙන්න..

Report

තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතාත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන මහතාත් දිවුරුම් දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ එම ධුරයට අලුතින් අයෙකු තෝරා පත්කර ගැනීම ද සිදු කිරීමට ද නියමිතව ඇත.

සමගි ජන බලවේගයෙන් ඒ සඳහා රෝහිණී කවිරත්නගේ නම ඉදිරිපත් කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය කතානායක ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම ද ඉදිරිපත් කරන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ(14) ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now