ප්‍රධාන නිෂ්පාදන රැසකට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක් - දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට අණ

Report

කැනඩාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක ඉහළ තීරුබද්දක් පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ නව බදු පැනවීම ඉදිරි දින 30 ඇතුළත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි. ඇමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීමට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපතිවරයා විසින් මෙම දැඩි ආර්ථික තීරණය ගෙන ඇත.

සඳු ගෝචර වී ඔබේ ඉරණම වෙනස් කරන නොදැන එළියට බැස්සොත් ජීවිතේ අවුල්වෙන අද බලගතු ඔබේ ලග්නයේ පලාපල

සඳු ගෝචර වී ඔබේ ඉරණම වෙනස් කරන නොදැන එළියට බැස්සොත් ජීවිතේ අවුල්වෙන අද බලගතු ඔබේ ලග්නයේ පලාපල

ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් විශේෂ බදු අය කිරීමට මෑතකදී ගත් තීරණයට පිළිතුරු ලෙස ඇමෙරිකාව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කැනඩාව විසින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ ඇතුළු පුළුල් භාණ්ඩ පරාසයක් සඳහා මෙම සියයට 50ක නව බද්ද අදාළ වනු ඇති බව ඇමෙරිකානු බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

අද උදෑසනම පලාත් සහ දිස්ත්‍රික්ක කීපයක් මුල් කරගෙන මුළු දිවයිනට අදාළ විශේෂ අනතුරු ඇගවීමක්

අද උදෑසනම පලාත් සහ දිස්ත්‍රික්ක කීපයක් මුල් කරගෙන මුළු දිවයිනට අදාළ විශේෂ අනතුරු ඇගවීමක්