දිට්වා නිසා මියගිය අතුරුදන් වුණ මරණ ලියාපදිංචියට අලුත් නීතියක්
"දිට්වා" සුළි කුණාටු තත්ත්වය නිසා සිදුවූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීමට අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ව්‍යවසනයෙන් යම් පුද්ගලයෙකුගේ, ඥාතියෙකු හෝ හිත මිතුරන් අතුරුදහන්ව ඇති බවට වාර්තා වී ඇතිනම් එම අතුරුදන් වූ තැනැත්තන්ගේ මරණ ලියාපදිංචිය සඳහා අවශ්‍යමය නීතිමය ප්‍රතිපාදන සකසා තිබෙන බවයි.
එසේම රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික ව්‍යවසන පාත්‍ර ප්‍රදේශ, පරිපාලන දිස්ත්‍රික්ක ලෙස මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික විධිවිධාන පනතට අනුව දෙසැම්බර් මස 2 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ඒ අනුව මෙම ව්‍යසනය යටතේ අතුරුදන් වූ තැනැත්තෙකුගේ මරණය ලියාපදිංචි කිරීමට ඉල්ලා සිටින්නේ යම් තැනැත්තෙකුගේ ද ඒ තැනැත්තා පුරුද්දක් ලෙස වාසය කළ ප්‍රදේශයේ ග්‍රමනිලධාරී වෙත තොරතුරු සහිත ඉල්ලුම් පත්‍රයක් සහ එම කරුණු තහවුරු කරනු ලබන දිවුරුම් ප්‍රකාශයක් සමඟ ඉදිරිපත් කළ යුතු බව සඳහන්.
එහිදී ග්‍රාම නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කරන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ අඳාළ ග්‍රාම නිලධාරී කාර්යාලයේ සති දෙකක කාලයක් විරෝධතා සඳහා එය ප්‍රදර්ශනය කළ යුතු බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද විරෝධතා නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අනුමැතිය වෙනුවෙන් රෙජිස්ටාර් ජනරාල් විසින් බලය පවරන ලද කලාප භාර නියෝජ්‍ය හෝ සහකාර රෙජිස්ටාර් ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු වෙයි.
එමෙන්ම විරෝධතා ඉදිරිපත් වුවහොත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකර සුදුසු කටයුතු සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බව ද රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම මේ යටතේ යම් පුද්ගලයෙකු දක්නට නොමැති බවට වූ සහතිකයක් ඉල්ලීම් කර ඇති විට ඉහත පරිදි අයදුම්පත් භාරගෙන නිසි පරීක්ෂණ කටයුතු සිදුකර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දක්නට නොමැති බවට වූ සහතිකයක් නිකුත් කිරීමට ද උපදෙස් ලබා දී ඇති බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය නිසා ලේඛන රැසක් ජල හානියට පත්ව ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය පැවසුවේ එහිදී වැඩිම හානියක් මහනුවර දිස්ත්‍රික්කයට සිදුව ඇති බවයි.