ආපදාවට ලක්වූ රථ වාහන ගැන නිවේදනයක්

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසන්නේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව මේ වන විට තොරතුරු රැස් කරමින් පවතින බව පවසයි.

එමෙන්ම එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවාවක් මේ සම්බන්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේය.

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

පාසල් ආරම්භය ගැන අවසන් තීරණය මෙන්න

ඔහු වැඩිදුරටත් සදහන් කලේ අදාළ තොරතුරු මත ඉදිරි කාර්යන් සිදු කිරීමට නියමිත බවත් ආපදාවට ලක්වූ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කර ධාවනයට සුදුසුද නැතිද යන්න තීරණය කරනු ඇති බවත්ය.

කොමසාරිවරයා විසින් ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ රථ වාහන මෙන්ම ලියකියවිලිද විනාශ වී ඇති බවත් එම තොරතුරුද ලබා ගනිමින් අදාළ ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් පැවසුවේය.

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

එමෙන්ම තමන් පදිංචි ග්‍රාම සේවා කොට්ඨාසයේ අදාළ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත් ඔහු හරහා පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර පොලිස් පැමිණිල්ලක් සිදු කිරීමත් අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් ඒ මහතා සඳහන් කර සිටියේ පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා විවිධ අංශ මගින් නිවැරදි වාර්තා ලබා ගැනීම මෙම තත්ත්වය කළමනාකරණයට වැදගත් වන බවය.

පවතින තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බැවින් මේ සම්බන්ධව අවධානය යොමු කර විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ආයේ කන්න බතුත් නැති වෙයි වගේ - හාල් වලටත් වැඩේ දීලා

ආයේ කන්න බතුත් නැති වෙයි වගේ - හාල් වලටත් වැඩේ දීලා

ඒ අනුව 0707188866 යන වට්සැප් දුරකථන අංකය මගින් අදාළ තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති බවත් සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ වාහන සහ ලියකියවිලිවල යම් සාක්ෂි තමන් සතුව ඇත්නම් එම සාක්ෂි ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසත් එය ඉදිරි කටයුතු සඳහා පහසුවක්ද වන බවය.