මේ දේවල්වලට අතක් හරි තිබ්බොත් මේ අංකෙට කෝල් එකක් දෙන්න

Report

ස්වභාවික පරිසර පද්ධති ආරක්‍ෂා කර ගැනීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරයි.

එහි එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1995 නව ක්ෂණික දුරකථන අංකය හරහා එම තොරතුරු ලබා දිය හැකි බව පරිසර අමාත්‍යංශය සඳහන් කර සිටී. මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ වනාන්තර සහ වනජීවීන් සුරැකීමේ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වන අපරාධ වැළැක්වීම හා මර්දනය කිරීම සඳහා කටයුතු කිරීමය.

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

පිස්සු හැදෙන අද රන්මිල මේ පාරනම් ලොකු වාසියක් වගේ

එහිදී ලැබෙන තොරතුරු අනුව අදාළ ප්‍රදේශයේ ආරක්ෂක අංශයන් සහ වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්ෂණික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවලට අලුතින් සල්ලි හොයන්න අතටම වැඩිපුර සල්ලි දෙයි

පළාත් පාලන ආයතනවලට අලුතින් සල්ලි හොයන්න අතටම වැඩිපුර සල්ලි දෙයි

එමෙන්ම මෙම මෙහෙයුම් ඒකකය වෙත ලැබෙන දත්ත හා තොරතුරු ඒකාබද්ධ කිරීම සහ විශ්ලේෂණය කරමින් වනඅපරාධ පිළිබඳ තොරතුරු එකම මධ්‍යස්ථානයක් හරහා රැස් කිරීම, වර්ගීකරණය කිරීම සහ විශ්ලේෂණය කිරීමත්, මෙම දත්ත උපයෝගී කර ගනිමින්, වන අපරාධ බහුල ප්‍රදේශ හඳුනාගෙන ඒවාට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සකස් කිරීමත් සිදු කරනු ලබයි.

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි

හයර් යන කුළී රථ රියදුරන්ට විශේෂ නිවේදනයක් - අද සිට ආරම්භයි