යුද බිය මැද වුවද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට - G7 රටවලින් ගත් තීරණය මෙන්න

Report

ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ගල්ෆ් කලාපයේ තෙල් යටිතල පහසුකම්වලට තවදුරටත් හානි සිදුවිය හැකි බවට පවතින අවදානම නොතකා, මැද පෙරදිගින් බොර තෙල් අපනයනය ඉහළ යාම සහ G7 රටවල් විසින් තම හදිසි තෙල් සංචිත වෙළෙඳපොළට මුදා හැරීම හේතුවෙන් ගෝලීය තෙල් සැපයුම ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සඳුදා තෙල් මිල ගණන් පහළ ගියේය

GMT වේලාවෙන් 01:15 වන විට, බ්‍රෙන්ට් බොර තෙල් අනාගත ගිවිසුම් මිල සෙන්ට් 35කින් හෙවත් සියයට 0.34කින් පහළ ගොස් බැරලයකට ඇමරිකානු ඩොලර් 101.90ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඇමරිකාවේ වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොර තෙල් මිල සෙන්ට් 62කින් හෙවත් සියයට 0.68කින් පහළ ගොස් බැරලයකට ඩොලර් 90.49ක් විය. සිකුරාදා G7 රටවල් තම හදිසි සංචිතවලින් ඩීසල් සහ බොර තෙල් බැරල් මිලියන 100ක් මුදා හැරීමට එකඟ වීමත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලපෑම මත බලශක්ති අපනයන සීමා පැනවීමෙන් වැළකී සිටීමට පොරොන්දු වීමත් සමඟ, පසුගිය සතියේ තෙල් මිල ඉහළ යාමෙන් ලැබූ වාසිවලින් සැලකිය යුතු කොටසක් බ්‍රෙන්ට් මිලෙන් මැකී ගියේය.

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක්? ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මිල සංශෝධනය ගැන නිවේදනයක්

WTI මිල ද සියයට 1.6කින් පහළ ගියේය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ප්‍රහාර එල්ල වුවද, සැප්තැම්බර් මාසයේ අවසන් සතියේ දින හතෙන් දින හතරකදී මැද පෙරදිග බොර තෙල් අපනයනය යුද්ධයට පෙර පැවති මට්ටම් ඉක්මවා ගොස් ඇති බව සඳුදා නිකුත් වූ නැව්ගත කිරීමේ දත්ත පෙන්වා දුන්නේය.

G7 රටවල් විසින් සංචිතවලින් තෙල් මුදා හැරීමත් සමඟ ගෝලීය සැපයුම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. KCM Trade හි ප්‍රධාන විශ්ලේෂක සදහන් කර ඇත්තේ උපායමාර්ගික තෙල් සංචිත භාවිත කිරීමට G7 ගත් තීරණය හේතුවෙන්, මිල ගණන් කෙරෙහි බලපාන ක්ෂණික සැපයුම් අවදානම් පිළිබඳ බිය යම් මට්ටමකට සමනය වී ඇති බවයි.

එමෙන්ම සෞදි අරාබියේ තෙල් අපනයන ප්‍රමාණය යුද්ධයට පෙර පැවති මට්ටම් වෙත නැවත ළඟා වෙමින් පවතින බවට මතයක් ගොඩනැගෙමින් ඇති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, එම තෙල් බැරල් ඉහළ පිරිවැයක් සහිත, අඩු කාර්යක්ෂම ප්‍රවාහන මාර්ග ඔස්සේ ප්‍රවාහනය කෙරෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගල්ෆ් කලාපයේ බලශක්ති යටිතල පහසුකම්වලට තවදුරටත් හානි සිදුවීමේ අවදානම තවමත් පවතින නමුත්, මෙම සාධකවල එකතුව හේතුවෙන් තෙල් මිල දැනට පහළ මට්ටමක පවතින බවයි.

මේ අතර, සෞදි අරාබියට අයත් රියාද් සහ ඛුරයිස් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල වී ඇති අතර, පසුගිය පැය 12 තුළ යේමනයේ සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා විසින් එල්ල කළ ගුවන් සහ මිසයිල ප්‍රහාර 50කට ප්‍රතිචාර දක්වමින් එම ප්‍රහාර සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්ම, ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය මැද පෙරදිග පුරා බලශක්ති ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිවලට බාධා කර ඇති බැවින්, අනාගත තෙල් නිෂ්පාදන හැකියාව පිළිබඳ ඇස්තමේන්තු ද අවිනිශ්චිත වී තිබේ.

මේ හේතුවෙන් OPEC+ සංවිධානය සිය සාමාජික රටවල 2027 වසර සඳහා තෙල් නිෂ්පාදන කෝටා තීරණය කිරීමේ සමාලෝචනය ප්‍රමාද කර ඇති බව මේ පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍ර දෙකක් සඳහන් කළේය.

අනුරාධපුරයේදී අලියාට මන්තර මතුරන්න ගිය තරුණයන්ට වුණු දේ - උරණ වූ වන අලියා එලවාගෙන එන බිහිසුණු වීඩියෝවක් එළියට

අනුරාධපුරයේදී අලියාට මන්තර මතුරන්න ගිය තරුණයන්ට වුණු දේ - උරණ වූ වන අලියා එලවාගෙන එන බිහිසුණු වීඩියෝවක් එළියට

යුරෝපයේදී, යුක්රේනය රුසියානු තෙල් පිරිපහදුවලට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කිරීමට කටයුතු කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විදෙස්මාධ්‍ය වෙත සදහන් කර තිබේ