ඡන්දය දාන්න ගියාම ඇඟිල්ලේ තීන්ත ගාන එක නතර කරන්න හදන්නේ ඇයි? මෙන්න සැබෑ හේතුව
මෙරට පැවැත්වෙන මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
2004 වසරේ සිට මෙරට පැවැත්වූ සියලුම මැතිවරණ සහ ඡන්ද විමසීම්වලදී ඡන්ද දායකයින්ගේ අනන්‍යතාවය වලංගු හැඳුනුම්පතක් මඟින් තහවුරු කිරීම මෙන්ම නොමැකෙන තීන්ත භාවිතයෙන් ඇඟිල්ල සලකුණු කිරීමද අනිවාර්ය කර තිබුණි.
මෙම ක්‍රමවේද දෙකම හඳුන්වා දී තිබුණේ හොර ඡන්ද භාවිතය සහ එක් පුද්ගලයෙකු විසින් කිහිප වරක් ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමේ අරමුණින්ය.
කෙසේ වෙතත්, එකම අරමුණක් වෙනුවෙන් හැඳුනුම්පත් පරීක්ෂාව සහ නොමැකෙන තීන්ත භාවිතය යන ක්‍රමවේද දෙකම එකවර ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානවල කාර්ය සාධනයට බාධා එල්ල වන බවත්, මැතිවරණ පැවැත්වීමේදී රජයට අමතර වියදමක් දැරීමට සිදුවන බවත් නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, නොමැකෙන තීන්ත භාවිතය සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන මැතිවරණ නීතිවලින් ඉවත් කිරීම සුදුසු බවට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ, පළාත් පාලන මැතිවරණ සහ ජනමත විචාරණ සම්බන්ධ පවතින නීතිවල අදාළ වගන්ති සංශෝධනය කිරීමට නීතිමය පියවර ගැනීමට නියමිතය. එම සංශෝධන සම්මත වුවහොත්, ඉදිරි මැතිවරණවලදී ඡන්ද දායකයින්ගේ ඇඟිලිවල නොමැකෙන තීන්ත ආලේප කිරීමේ ක්‍රමවේදය ඉතිහාසයට එක්වනු ඇත.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
ජනාධිපතිවරණ – 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 36 වැනි වගන්තිය.
පාර්ලිමේන්තු මැතිවරණ – 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 38 වැනි වගන්තිය.
පළාත් සභා මැතිවරණ – 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 36 වැනි වගන්තිය.
පළාත් පාලන මැතිවරණ – (262 වැනි අධිකාරය වූ) පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ 53අ වගන්තිය.
ජනමත විචාරණ – 1981 අංක 7 දරන ජනමත විචාරණ පනතේ 21 වැනි වගන්තිය.