සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරන දිනය මෙන්න

Report

ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා ක්ෂේත්‍රයේ වාර්ෂික ඩොලර් බිලියන 1කට ආසන්න ආදායමක් ජනනය වන අතර, එය නියාමනය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු වී ඇති මෙම තත්ත්වය තුළ සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස (දෙසැම්බර්) 01 වැනිදා සිට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) එම පනත ක්‍රියාත්මක කිරීමේ දිනය නියම කිරීම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය කාර්යාලයෙන් වාර්තා වේ.

මෙය 2015 අංක 17 දරණ සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලෙස හඳුන්වනු ලැබේ.

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩවම ඉදිරියට - GMOA

වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩවම ඉදිරියට - GMOA

පසුගිය සැප්තැම්බර් 03 වැනිදා කථානායකවරයාගේ සහතිකයෙන් පනතක් බවට පත්වූ මෙම බිල්පත, පෙර මාසවල පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ජනාධිපතිවරයාට ක්‍රියාත්මක කිරීමේ දිනය තීරණය කිරීමේ බලය හිමිව තිබිණි.

මෙම පනත මඟින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය නම් ස්වාධීන ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, එය සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නියාමනය, බලපත්‍ර නිකුත් කිරීම සහ අධීක්ෂණය කිරීමේ ප්‍රධාන වගකීම් දරණු ඇත. 

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය