වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩවම ඉදිරියට - GMOA

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සිය ගැටලුවලට තවමත් ස්ථිර විසඳුමක් නොලැබුණු බව පවසමින් ඊයේ (17) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නිල වශයෙන් දන්වා තිබේ.

සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවේ, ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු ස්ථිර තීන්දුවක් හෝ ලබන අයවැයෙන් ඒ සඳහා පියවර ගැනීමේ සැලසුමක් ලැබුණේ නැති බවයි.

“ජනාධිපතිතුමා ආර්ථිකය ස්ථාවර කිරීමට අපේ සහාය ඉල්ලුවා. ඒත් අපේ ගැටලු විසඳීමට කිසිදු තහවුරු කිරීමක් නැහැ. එබැවින් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඊයේ රැස්වූ හදිසි විධායක කාරක සභා තීරණය කළා” 

යයි වෛද්‍ය සුගතදාස මහතා කියා සිටියේය.

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නිඋයමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මේ අතර, විශේෂඥ වෛද්‍ය සංගමය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා පැවසුවේ, තමන්ද ඉල්ලා සිතූ බඳවා ගැනීම්, විශේෂභාවිත බදු, විශ්‍රාම වැටුප් ගැටලු ඇතුළු කාරණා කිහිපයක්ම මෙහිදී ජනාධිපතිතුමා ඉදිරියේ තබන බවයි.

මේ හේතුවෙන් රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ (OPD), විශේෂඥ ක්ලිනික්, වෛද්‍ය රසායනාගාර සේවා ඇතුළු බොහෝ සේවාවන් අදත් බිඳ වැටී ඇති අතර, ජනතාවට දැඩි අපහසුතා ඇති වී තිබේ. 

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය

අද ඔබ දිහා ඇස් කොණ ගොස් ඇත්තේ වැනේ? විරුද්ධ ලිංගයේ කැපී පෙනෙන ආකර්ශනය