ෂෙල් ශ්‍රී ලංකාවට

By Gagana News Feb 26, 2025 12:15 PM GMT
Report

 අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද (26) මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේය.

එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගමයි.

RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත.

මෙය 2023 දී ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් හා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භක වසර 20ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට ලබා දුන් කොන්ත්‍රාත්තුවකි.

 

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

පාතාල සටන් ඇරඹෙයි.. සංජීව ඝාතනයේ රිටන් එකට පද්මේගේ මිතුරෙකුට වෙඩි!

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්

ගණේමුල්ලේ සංජීව ඝාතනය : සෙව්වන්දි ගැන කිව්වොත් ලක්ෂ 10ක්