අකුරණ මාරක අනතුරේ ලොරි රියදුරු අද අධිකරණයට ඉදිරිපත් කෙරේ
මහනුවර - මාතලේ A-09 මාර්ගයේ අකුරණ, කුරුගොඩ හන්දිය ප්රදේශයේදී ඊයේ (19) උදෑසන සිදුවූ බිහිසුණු බල්කර් ලොරි රථ අනතුරින් මියගිය සංඛ්යාව 4 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබන බව පොලීසිය පවසයි.
අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති කුඩු පටවාගත් බල්කර් ලොරි රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් පැමිණි වාහන කිහිපයක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
ගුරු විභාගය ලියපු සියලු දෙනාගෙම ප්රශ්නයට අධ්යාපන අමාත්යාංශයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සමඟ නිවේදනයක්
අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ සහ අකුරණ ප්රදේශවල පදිංචි වයස අවුරුදු 38 සහ 51 පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ මාතලේ සහ අකුරණ ප්රදේශවල පදිංචි වයස අවුරුදු 16 සහ 28 පසුවන තරුණියන් දෙදෙනෙකි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර රෝහලේදී සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීර ඥාතීන් වෙත භාරදී තිබේ. අනතුරට සම්බන්ධ ගල්ගමුව ප්රදේශයේ පදිංචි 46 හැවිරිදි ප්රයිම්මූවර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (20) මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.