ව්‍යාපාරයක් කරනවද ? මෙන්න රජයෙන් ව්‍යාපාර කළමනාකරණ පනතක්
රජයට අයත් ව්‍යාපාරික සමාගම් නිසි කළමනාකරණය සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සමඟ ක්‍රියාත්මක කිරීම සඳහා "රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත" නමින් නව පනතක් හඳුන්වා දීමට, 2025 අප්‍රේල් 28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම පනතට අදාළ මූලික කෙටුම්පත සමාලෝචනය කර, වඩාත් යෝග්‍ය සංශෝධන ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක්ද පත් කරනු ලැබීය.
මෙම කමිටුව මූලික කෙටුම්පත විමර්ශනය කර තම නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.