ආයේ යාලු වෙන්න ගිහින් සජබෙයි අලියයි ගුටි කෙළගෙන

Report

කුලියාපිටිය නගර සභා සභාපති තේරීම සඳහා අද (18) පැවැත්වීමට නියමිත රැස්වීමට පෙර, ඊයේ (17) පස්වරුවේ කුලියාපිටිය හෝටලයක පැවති සාකච්ඡාවක් අතරතුර හිටපු නගරාධිපතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ නගරාධිපති අපේක්ෂකයෙකු ඇතුළු පිරිසකට පහරදීමක් සිදුව ඇති බව කුලියාපිටිය පොලීසිය වාර්තා කරයි.

මෙම ප්‍රහාරය සිදු වී ඇත්තේ සමගි ජන බලවේගය (SJB) සහ එක්සත් ජාතික පක්ෂය (UNP) එක්ව නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අවස්ථාවේදීය.

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

මෙන්න වැඩක් මාලිමාව බදියුදීන් එක්ක එකතු වෙලා

සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් උදා වී ඇති අතර, එහිදී මන්ත්‍රී බුද්ධික මහේෂ් තමන්ටද සභාපති ධුරය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබේ. මෙම පවුරුවීමෙන් පසුව තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර, නගරාධිපති අපේක්ෂක ගාමිණී කරුණාරත්න මහතාගේ ප‍්‍රකාශය අනුව, ඔහුට පහර දීම බුද්ධික මහේෂ් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් සිදු වී තිබේ.

දිස්ත්‍රික්ක 7ක වැසියන්ට අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක වැසියන්ට අනතුරු ඇඟවීම්

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අකිල විරාජ් කාරියවසම්, නලින් බණ්ඩාර සහ උපාලි පියසෝම මහතා ඇතුළු පිරිසක්ද තැන සිටි බව වාර්තා වේ. අදාල තේරීම මේ වනවිට දැඩි උණුසුම් පරිසරයකට පත්ව ඇති බව පෙනේ.