නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් - මේ දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 10 තෙක් - ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුවෙන්න

Report

දිගින් දිගටම පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙම අනතුරු ඇඟවීම අද (22) රාත්‍රී 22:00 දක්වා බලපැවැත්වේ.

ඒ අනුව, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 (අවධානය - ඇම්බර්) යටතේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ (උඩපළාත, මැදදුම්බර, කුණ්ඩසාලේ), නුවරඑළිය දිස්ත්‍රික්කයේ (අඹගමුව) සහ රත්නපුර දිස්ත්‍රික්කයේ (රත්නපුර, එළපාත, කුරුවිට) ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත.

අද මධ්‍යම රාත්‍රියේ සිට - පරාටා බිත්තර හා රොටි ඇතුළු කෙටි ආහාර මිල ඉහළට - නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට - පරාටා බිත්තර හා රොටි ඇතුළු කෙටි ආහාර මිල ඉහළට - නව මිල මෙන්න

මීට අමතරව, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් වන්න - කහ) නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ රියදුරන්ට නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත් බලධාරීන් විසින් දැනුම් දී ඇත.

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට

ආවා ආවා රත්තරන් මිල අඩුවෙනකම් හිටපු අයට - වෙළදපොළ හොල්ලමින් අද රත්තරන් මිල එලියට