රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක් - විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනයට අලුත් පියවරක්

Report

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර වෙළෙඳාම, ආයෝජන, විදේශ රැකියා, සංචාරක කර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙරටේ නියෝජිතයන් සාකච්ඡා කර තිබේ.

දෙරට අතර පැවැත්වෙන හයවැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය රුමේනියාවේ බුකාරෙස්ට් නුවරදී පැවැති අතර, ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දෙමින් එහි සම සභාපතිත්වය ද ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් දරනු ලැබීය.

රුමේනියාව වෙනුවෙන් එරට උපායමාර්ගික හා ගෝලීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ඇනා-ක්‍රිස්ටිනා ටින්කා මහත්මිය ඊට එක්ව සිටියාය.

රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් 26,000කගේ සුබසාධනයට අවධානය

මෙම සාකච්ඡාවලදී ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ රුමේනියාවේ ජීවත් වන සහ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් 26,000ක පමණ පිරිසගේ සුබසාධනය සහ ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහිය.

ඒ අනුව, රජයන් දෙක අතර සෘජු සම්බන්ධීකරණය යටතේ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේද, සමාජ ආරක්ෂණ සහ විශ්‍රාම වැටුප් හිමිකම් ආරක්ෂා කිරීම, වෘත්තීය සුදුසුකම් පිළිගැනීම සහ ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍ර සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මේ දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රවේශම් වන්න - නායයෑමේ අනතුරු ඇඟවීම් අලුත් කරයි

මේ දිස්ත්‍රික්කවල ජනතාව ප්‍රවේශම් වන්න - නායයෑමේ අනතුරු ඇඟවීම් අලුත් කරයි

වෙළෙඳාම, ආයෝජන සහ නාවික සම්බන්ධතා පුළුල් කිරීමටත් සැලසුම්

දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වය පුළුල් කිරීම සහ ව්‍යාපාරිකයන්ට හා ආයෝජකයන්ට නව අවස්ථා නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.

එමෙන්ම, කොළඹ සහ රුමේනියාවේ කොන්ස්ටන්සා වරාය අතර නාවික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.

විදේශ රැකියා, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම ද සාකච්ඡාවලට ඇතුළත් වූ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර වේ. මීට අමතරව, කලාපීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ.

ගෑස් පෝලිම් අහෝසියි - ඉදිරි දින 3 සිදුවන දේ ගැන ලිට්‍රෝ සමාගමෙන් හදිසි නිවේදනයක්

ගෑස් පෝලිම් අහෝසියි - ඉදිරි දින 3 සිදුවන දේ ගැන ලිට්‍රෝ සමාගමෙන් හදිසි නිවේදනයක්

2027දී රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70ක්

ශ්‍රී ලංකාව සහ රුමේනියාව 2027 වසරේදී සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමට සූදානම් වෙයි.

දශක ගණනාවක් පුරා පැවති මිත්‍රත්වය දෙරටටම ප්‍රායෝගික ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාවක් බවට පත් කිරීම සඳහා කැපවී කටයුතු කරන බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම සාකච්ඡාව සඳහා රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති සමන්ත පතිරණ මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපය හා උතුරු ඇමරිකාව පිළිබඳ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් දිලානි වීරකෝන් මහත්මිය සහ බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශිකා ප්‍රාර්ථනා කෞෂල්‍යා මහත්මිය ද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ඇතුළත් වූහ.

රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා හුදෙක් සංවාදවලට සීමා නොවී දෙරටේ ජනතාවට සැබෑ අවස්ථා සහ ප්‍රායෝගික ප්‍රතිලාභ උදාකර දිය යුතු බව ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''

කාලගුණයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ''දිවයිනට අඩු පීඩන බලපෑමක් නිසා ඔක්තෝබර් 27 දක්වා අවධානයෙන් සිටින්න''