සුභ ආරංචියක් - විදුලි ගාස්තු පහළට
ඇමති කුමාර ජයකොඩි මහතා අද දින (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය නව විදුලි බල පනතට අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේදී නව සමාගම් හයක් පිහිටුවීමට නියමිත බවයි.
එම සමාගම් හයේ නම් නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ්, නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් ප්‍රොවයිඩර් සර්විස් ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටි්‍රබියුෂන් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, එනර්ජි වෙන්චර්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්, සීබී එම්ප්ලෝයිමන්ට් ෆන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් වේ.
විදුලි බිල 6.8% කින් ඉහළ දැමීමට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබුණද, අරමුණ වී ඇත්තේ ඉදිරියේදී විදුලි බිල අඩු කිරීම බවද, වත්මන් විදුලි බිල පෙර පැවති පාලන සමයන්හි සිදුකළ වැඩිවීම්වලට වඩා 5% ක අඩු මට්ටමක පවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.