ඕලන්ද සමයට අයත් ලේඛන ඩිජිටල් කිරීමට නෙදර්ලන්තයේ සහාය

Report

ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන ඕලන්ද සමයට අයත් පැරණි ලේඛන ඩිජිටල් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා පවසයි.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේව බැහැදුටු අවස්ථාවකදී තානාපතිවරයා මෙම සහයෝගය ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන ඕලන්ද භාෂාවෙන් ලියැවුණු මීටර් 300කට ආසන්න දිගකින් යුත් ලේඛන ඩිජිටල් කිරීම මගින් ඉතිහාසය සම්බන්ධයෙන් පවතින වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු නිවැරදි කර ගැනීමට හැකි වන බවයි.

ඩිජිටල්කරණය මගින් මෙම ලේඛන මාර්ගගත ක්‍රමයෙන් පරිශීලනය කිරීමේ හැකියාව උදා වන අතර, ශ්‍රී ලංකාව හා ඕලන්ද පාලකයන් අතර පැවති සබඳතා පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ද මෙය ඉවහල් වනු ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඕලන්ද පාලන සමයේදී ලන්දේසීන් ශ්‍රී ලංකාව තුළ ගොඩනැගූ බලකොටු 18ක් වර්තමානයේ දීවයින පුරා පවතින බව ද ඔහු සඳහන් කළේය.

මෙම ලේඛන ඩිජිටල් කිරීම මගින් ඓතිහාසික ලේඛන පර්යේෂකයින්ට, සිසුන්ට හා ඉතිහාසයට ආසන්නව සිටින සියලු දෙනාට ලේසියෙන් ප්‍රවේශ විය හැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය වඩාත් නිවැරදිව හා පුළුල්ව තේරුම් ගැනීමට උපකාරී වන බවත් තානාපතිවරයා අවධාරණය කළේ ය.

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 6 පනී

ඉරානේ අලුත් නායකයා මූණ පෙන්නන්න බැරි රූකඩයක් - තලා දාන්න කළින් තීරණයක් ගන්නැයි නෙතන්යාහු ජනතාවට අනතුරු අඟවයි

ඉරානේ අලුත් නායකයා මූණ පෙන්නන්න බැරි රූකඩයක් - තලා දාන්න කළින් තීරණයක් ගන්නැයි නෙතන්යාහු ජනතාවට අනතුරු අඟවයි

නගරේ මැදට කඩන් වැටුණු ප්‍රහාරයක සුන්බුන් නිසා ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වෙයි

නගරේ මැදට කඩන් වැටුණු ප්‍රහාරයක සුන්බුන් නිසා ඩුබායි නොසන්සුන් වෙයි - ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වෙයි