ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් නේපාලයේ සිදු වූ ඛේදවාචකය මෙන් විපත් කුඩා පරිමාණයෙන් හෝ මෙරට තුළ ද ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බවට අනතුරු අඟවා ඇත.

ඒ අනුව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ නේපාලයේ සිදු වූ මෙම ඛේදවාචකය මෙරටට ද සෘජු පාඩමක් කියාදෙන බවයි.

ශ්‍රී ලංකාවේ මෑතකදී ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයාම ඊට හොඳම උදාහරණ සපයන බවද එහිදී මහාචාර්යවරයා සඳහන් කර ඇත. එම නායයාම හේතුවෙන් ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හිරවී, එමගින් මුළු ගම්මානයම යට කරමින් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

එසේම ඔහු පෙන්වා දුන්නේ ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයාමට ලක්වූ විට එම පස් තට්ටු මඟින් ජල මාර්ග අවහිර විය හැකි අතර එලෙස එක්රැස් වන විශාල ජල කඳ එම අවහිරතා බිද දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එමෙන්ම මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ සාමාන්‍ය නායයාම් සිතියම්ගත කරනවා සේම, මෙසේ ජල මාර්ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම වැදගත් වන බවයි.

එසේම අතුල සේනාරත්න මහතා පැවසුවේ එමඟින් සරසවිගම සිදු වූ ඛේදවාචක වැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීමට හැකිවනු ඇති බවයි. නේපාල-ටිබෙට් දේශසීමාවේ ඊයේ (26) දින ඇති වූ භූමිකම්පාව සහ නායයාම හේතුවෙන් ත්‍රිශූලි ගංගාව අවහිර වී සිදු වූ දැවැන්ත ජලගැලීම නිසා 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇත.

එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ,

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

"ඊයේ දිනයේ නේපාලයේ ටිබෙට් දේශසීමාවේ වාර්තා වුණ විශාල ජල ගැලීම කවුරුත් බලාපොරොත්තු වුණ වෙලාවක සිදු වුණ දෙයක් නෙවෙයි. නේපාලයේ අයිස් කඳුවලින් වැසුණ කඳුකරයේ සිදුවුණ විශාල භූමිකම්පාවක් එක්ක අයිස් කඳු නායයාමක් නිසා විශාල ජල ගැලීමක් සිද්ධ වෙලා තියෙනවා ත්‍රිශූලි ගංගාවේ. කවුරුත් බලාපොරොත්තු නොවුණු වෙලාවක මේ සිදුවුණ සිදුවීම නිසා විශාල සෙනඟක් ගහගෙන ගිහිල්ලා තියෙනවා මේ ජල ගැලීමත් එක්ක. ඇත්තටම බලාපොරොත්තු නොවුණ හානියක්. ඇත්තටම මේ හා සමාන දේවල් අනිත් රටවලත් සිද්ධ වෙනවා. එක සැරයක් කොලොම්බියාවල 1980 ගණන්වල මෙවැනි වූ භූමිකම්පාවක් සමඟ මඩ ගැලීමක් සිද්ධ වෙලා මිනිස්සු දහස් ගණනක් මියගියා. ඒ වගේම මේ ගොඩක් මෑතකදී ලංකාවේ දිට්වා සුළි කුණාටුවත් එක්ක සිදුවුණු නායයාම් එක්ක බලනකොට, එක නායයාමක් මං හොඳින් දැක්කා අර සරසවිගම වෙච්ච සිදුවීම. 20කට අධික ප්‍රමාණයක් නායයාමකට යට වෙලා මියගියා. ඒක ඇත්තටම සිදුවුණේ මෙවැනි වූ නායයාමක් නිසා ප්‍රදේශයේ තියෙන ඇළ මාර්ගයක් අවහිර වීමෙන් ඒ ඇළ මාර්ගය මිනිස්සු ජීවත් වෙන ගම්මානයක් උඩින් ගලාගෙන ගිය නිසා. ඒ වගේම ඒ මඩ විශාල වශයෙන් මේ ගෙවල් දොරවල් වසාගෙන ගලාගෙන ගිය නිසා තමයි එම විශාල අනතුර සිද්ධ වුණේ. ඇත්තටම එයත් කුඩා ප්‍රමාණයේ වුවත් මෙවැනිම වූ අනතුරක්. ඒ කියන්නේ මෙවැනි අනතුරුව ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉදිරියට බලාපොරොත්තු නොවන අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම විශාල පස් තට්ටු තියෙන, ඒ කියන්නේ හොඳින් දිරාපත් වෙච්ච පාෂාණවල විශාල පස් තට්ටු තියෙන ස්ථානවල නායයාම් සිද්ධ වුණොත්, ඒ ආසන්නයේ තියෙනවා නම් ගංගාවක්, ඇළක්, දොළක් සමහර වෙලාවට මෙවැනිම වූ අනතුරු සිද්ධ වෙන්න පුළුවන් ගංගාවල් බ්ලොක් වෙලා, ජලය එකතුවීමක් සිද්ධ වෙලා එකපාරටම මේ බ්ලොක් වෙච්ච එක කඩාගෙන යනකොට විශාල නායයාමක්, විශාල ජල ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ජල ගැලීමත් එක්ක විශාල අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේදී මෙවැනි වූ අනතුරු සිදුවෙන්න පුළුවන් ප්‍රදේශ සිතියම්ගත කිරීම්වලට ලක් කරගන්නවා නම් හොඳයි කියලා මං යෝජනා කරන්න කැමතියි. ඒ කියන්නේ ඉදිරියේදී නායයාම් සිතියම්ගත කරනවා වගේම මෙවැනි වූ සිදුවීම් වෙන්න පුළුවන් අනතුරු සහිත ප්‍රදේශත් සිතියම්ගත කිරීමක් කරලා ඒ ගැනත් අනතුරු ඇඟවීමක් කළොත්, සරසවිගම සිදුවුණ ඒ අනතුර වගේ අනතුරු ඉදිරියේදී වෙන එක වළක්වා ගන්න පුළුවන් වෙයි."

පැයකට පෙර මුහුදු ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් - හෙට 10.30 වන තෙක් වලංගු බව දන්වයි

පැයකට පෙර මුහුදු ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් - හෙට 10.30 වන තෙක් වලංගු බව දන්වයි

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න

රන් මිල අඩු වෙනකල් බලන් හිටපු හැමෝටම අද පිස්සු හැදෙන ආරංචියක් - බිමටම බැස්ස අද රන් මිල ගණන් මෙන්න