ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක වුණ බරපතළ මූල්‍ය වංචාවට වහාම ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ඉල්ලයි - ජනපතිට ලිපියක්
ජාතික සංවර්ධන බැංකුවේ (NDB) වාර්තා වී ඇති බරපතළ මූල්‍ය වංචාව සහ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින නියාමන දුර්වලතා පිළිබඳව වහාම ජාත්‍යන්තර මට්ටමේ ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන මෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙකු වශයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, මෙම වංචාව අනාවරණය වීමට මාස 16කට පෙර සිටම අවම වශයෙන් වාණිජ බැංකු දෙකක් විසින් ඒ පිළිබඳව මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කර තිබූ බවයි.
එසේම මහ බැංකුව ඇතුළු නියාමන ආයතන නිසි පියවර ගැනීමට ප්‍රමාද වීමෙන් බැංකු පද්ධතියේ අධීක්ෂණ සහ වගකීම් සහතික කිරීමේ බරපතළ අර්බුදයක් මතුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව බැංකු ගනුදෙනු අධීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය middle-office ක්‍රියාවලිය දුර්වල වීම, CEFT සහ RTGS ශේෂයන් අතර ස්වයංක්‍රීය සැසඳුම් යාන්ත්‍රණයක් නොමැතිකම සහ නවීන මෘදුකාංග පද්ධති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, 2026 වසරේදී NDB බැංකුව සිදුකළ රුපියල් බිලියන 16.2 ක ණයකර නිකුතුව සම්බන්ධයෙන් SEC සහ CSE වැනි ආයතන නිසි ලෙස වගකීම් ඉටු කර ඇත්දැයි යන්න සැක සහිත බව එහිදී හඳුනාගත් ප්‍රධාන දුර්වලතා කිහිපයක් ලෙස අඳාළ ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
රහස් පොලිස් කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට - පරිගණක, ලැප්ටොප්, දුරකථන, සිම් කාඩ් ඇතුළු සියල්ල විශේෂ පරීක්ෂාවකට
එසේම මෙම මූල්‍ය වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම කඩිනමින් ගණනය කර අයකර ගත යුතු බව සඳහන් කරන හිටපු අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රිසර්ව් බැංකුව, එංගලන්ත බැංකුව (BOE) හෝ සිංගප්පූරු මූල්‍ය අධිකාරිය වැනි ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගැනීම, මහ බැංකුවේ නිර්ණායකවල පවතින ගැටලු සහ බැංකු විගණන කමිටු සාමාජිකයන්ගේ පළපුරුද්ද පිළිබඳව සොයා බැලීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය වෙනුවෙන් ගන්නා නිවැරදි කිරීමේ පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද යෝජනා කර ඇති බව සඳහන්.
අඳාළ ගැටලුව ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණක් බැවින්, ආයෝජක විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට විනිවිදභාවයකින් යුත් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇති බව සඳහන්.