පාට් ටයිම් සල්ලි හොයන්න කසිප්පු පෙරූ නාවික සෙබළා අල්ලයි

Report

ඌව පරණගම- කැටගොඩ ප්‍රදේශයේදී සිය නිවස තුළ මහා පරිමාණයෙන් අලෙවිය සඳහා කසිප්පු පෙරූ නාවික සෙබලෙකු අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙහිදී ගෝඩා ග්‍රෑම් 18,000ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සැකකරු නිවාඩු ලබා පැමිණ මෙම කටයුත්ත සිදු කරමින් සිට ඇති බවත්, දිගු කලක් තිස්සේ මෙලෙස මහා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මෙම කටයුත්තට සහය දී වැටලීම අතරතුරදී පළා ගිය සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.

මැතිසබේ මන්ත්‍රීලාට ආරක්ෂාව අවශ්‍යනම් පමණයි!! ඇමතිගෙන් ප්‍රකාශයක්

මැතිසබේ මන්ත්‍රීලාට ආරක්ෂාව අවශ්‍යනම් පමණයි!! ඇමතිගෙන් ප්‍රකාශයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්