මැතිසබේ මන්ත්‍රීලාට ආරක්ෂාව අවශ්‍යනම් පමණයි!! ඇමතිගෙන් ප්‍රකාශයක්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ලබාදීම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් සොයාබලා සුදුසු පියවර ගන්නා ලෙස කථානායකවරයා විසින් ද වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණු අතර ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබුණි.

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

ජාතික ආරක්ෂාව තහවුරුයි! ජනපතිගෙන් සහතිකයක්

  

අදාළ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින තර්ජන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසත් එම වාර්තා සලකා බලා අවශ්‍ය නම් පමණක් අදාළ මන්ත්‍රීවරුන්ට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකර නොමැති බවත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මන්ත්‍රීවරුන්ගේ නිවාස සහ ඔවුන් සහභාගී වන උත්සව සඳහා පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අලුත්කඩේ ඝාතනය ගැන බුද්දි අංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

අලුත්කඩේ ඝාතනය ගැන බුද්දි අංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ