කොළඹ වරාය ආසන්නයේදී නාවිකයෙක් මහ මුහුදට වැටේ

Report

කොළඹ වරාය වෙත වෙළෙඳ නෞකාවක් ඇතුළු කිරීම සඳහා නෞකාවට ගොඩවීමට උත්සාහ කිරීමේදී අනතුරට ලක්ව මුහුදට වැටුණු නාවික නියමුවෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.

මෙම අනතුර ඊයේ (17) සිදු වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රජයෙන් සුබ ආරංචියක් - මේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

කොළඹ වරාය පාලන මැදිරිය මඟින් ලද හදිසි දැනුම්දීමට වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ යෙදී සිටි P-163 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව වහාම අදාළ ස්ථානය වෙත යොමුකර ඇත.

ඒ අනුව, ක්ෂණික මෙහෙයුමක් ක්‍රියාත්මක කළ නාවික හමුදා නිලධාරීන් මුහුදට වැටී සිටි නාවික නියමුවා නිරුපද්‍රිතව මුදාගෙන, ආරක්‍ෂිතව වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.

පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක - ඩීසල් අර්බුදය උග්‍ර අතට

පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් 500ක් වසා දැමීමේ සූදානමක - ඩීසල් අර්බුදය උග්‍ර අතට